Posts

Showing posts from May, 2019

හැඳින්වීම

Image
පස්‍ යොදුන් රට මතුගම පුරවරයේ ප්‍රධානතම පාසල වන සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂ කම් දක්වන සුජාත දූ පුතුන්ගේ නිජභූමියයි. විශ්වයේ රහස් සොයන්නට වෙරදරන කන්නන්ගර දූ පුතුන්ටත් සහෝදර පාසල් වල දූ පුතුන්ටත් නිබඳව අත්වැලක් වන්නට කන්නන්ගර විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ අප නිරන්තරව ඇප කැප වන්නෙමු. තාරකා විද්‍යා වැඩමුළු, රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු, දැනුම මිනුම තරඟ, ක්ෂේත්‍ර චාරිකා ඇතුලු විවිධ වැඩසටහන් ඔස්සේ නව්‍ය දැනුම දරුවනට ලබාදෙන්නට අප කටයුතු කරන්නෙමු. Star Quiz තරඟාවලියේ සත්කාරක පාසල වන අප පස්දුන් රට දැවැන්තම තාරකා විද්‍යා එකතුව වන්නෙමු.